වෙල්ගම සහ චන්ද්‍රිකා පෙරමුණ ගෙන සජිත්ට ඡන්ද ලක්ෂ 7ක් ගෙන දෙයි | Colombocall වෙල්ගම සහ චන්ද්‍රිකා පෙරමුණ ගෙන සජිත්ට ඡන්ද ලක්ෂ 7ක් ගෙන දෙයි - Colombocall

Hot News

වෙල්ගම සහ චන්ද්‍රිකා පෙරමුණ ගෙන සජිත්ට ඡන්ද ලක්ෂ 7ක් ගෙන දෙයි




හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපසභාපතිවරයෙකු හා මතුගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන 05 වැනිදා පැවැත්වීමට නියමිත විශේෂ සමුළුවේදී මෙම තීරණය රටට දැනුම් දීමට ඔවුන් කටයුතු කරගෙන යන බව වාර්තා වේ.
හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් එදින සවස 2.00ට ආරම්භ කෙරෙන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු,පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්,මන්ත්‍රිවරුන් ඇතුලු පිරිසක් එක්වීමට නියමිතය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ඊයේ(29)පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් අපේක්‍ෂකයන් 9,000ක් තරග කළ බවත්, එම සියලු දෙනාට නොදන්වා පක්‍ෂ නායකත්වය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට තීරණයක් ගෙන තිබෙන බවත් කුමාර වෙල්ගම මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය විසින් මෙම සමුළුව පවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂක සංගමයේ සභාපති කිත්සිරි හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් සියලු දෙනා කල කිරීමට පත්ව සිටින බවත්, මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ශ්‍රීලනිප ඡන්ද ලක්‍ෂ 07ක් ලබාදීමට තම කණ්ඩායම කටයුතු කරගෙන යන බවත් හෙතෙම සඳහන් කළේය.