දිස්ත්රික්ක 25 ම හමුදාව අතට ! ජනපතිගෙන් ගැසට් නිවේදනයක්
2019 ඔක්තෝබර් 22 දා සිට ශ්රී ලංකාවේ දිස්ත්රික්ක 25 තුළම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහාත්රිවිධ හමුදාව වෙත පවරා තිබේ.
ඒ අනුව එම දිස්ත්රික්ක 25 තුළ මහජන සාමය පවත්වාගෙන යෑම වෙනුවෙන් ශ්රී ලංකා යුද හමුදාව, ශ්රී ලංකා නාවික හමුදාව, ශ්රී ලංකා ගුවන් හමුදාව වෙත පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබේ.
මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනපතිවරයාට පැවැරී ඇති බලතල අනුව ජනපතිවරයා මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.