යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල විවෘත කිරිම අද (17) | Colombocall යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල විවෘත කිරිම අද (17) - Colombocall

Hot News

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල විවෘත කිරිම අද (17)




යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල විවෘත කිරිම අද (17) පෙරවරුවේ සිදු කිරිමට නියමිතව ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් ගුවන්තොටුපල විවෘත කිරීමට නියමිත වේ.

යාපනය ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් යොදවා දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2250 ක් වන බවට ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

දෛනික ගුවන් මෙහෙයුම් කටයුතු නොවැම්බර් මාසයේ සිට ආරම්භ වීමට නියමිතව ඇති යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ශ්‍රී ලංකාවේ පස් වන ජාත්‍යන්තර ගුවන්තොටුපල වේ.