ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 134කින් පරාජයට පත්වෙයි | Colombocall ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 134කින් පරාජයට පත්වෙයි - Colombocall

Hot News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 134කින් පරාජයට පත්වෙයි




ඕස්ට්‍රේලියානු කණ්ඩායම , ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 134කින් පරාජයට පත් කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ප්‍රථම තරඟය අද ඇඩිලේඩ් හිදී පැවැත්වුනා.

තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකානු කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 2කට ලකුණු 233ක් ලබා ගැනීමට සමත් විය.

සුපිරි ඉනිමක් දියත් කල ඩේවිඩ් වෝනර් නොදැවී පන්දු 56ක් තුල ලකුණු 100ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුර ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි කිසිඳු ශ්‍රී ලාංකික පිතිකරුවකු හට සාර්ථක වීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩක් ලබා නොදුන් අතර පන්දු වාර විස්ස තුලදී කඩුලු 9ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 99ක් පමණි.

ඒ අනුව තරඟ 3කින් සමන්විත තරඟාවලියේ ප්‍රථම තරඟය ලකුණු 134කින් ජය ගත ඕස්ට්‍රේලියානුවන් තරඟාවලියේ ඉදිරියෙන් සිටී.