මැරුණු බල්ලාට උපරිම ගෞරවයක් දැක්වූ පවුලක් ! -PHOTOS- | Colombocall මැරුණු බල්ලාට උපරිම ගෞරවයක් දැක්වූ පවුලක් ! -PHOTOS- - Colombocall

Hot News

මැරුණු බල්ලාට උපරිම ගෞරවයක් දැක්වූ පවුලක් ! -PHOTOS-




සුරතල් සතුන්ට බොහෝ දෙනා දක්වන්නෙ කැමැත්තක් වගේම ලොකු ආදරයක්. නමුත් වර්තමාන සමාජයේදී සතුන්ට මිනිසාගෙන් ඉල්ලවන තාඩන පීඩන ගොඩක් ඉහල මට්ටමක තියෙනවා කියන එක ඕනම කෙනෙක් දන්න කියන කරුණක්.

මේ කියන්න යන්නෙ ඒ වගේ සමාජයක් තුල පවුලේ මෙන්ම ප‍්‍රද්ශවාසීන්ගේද ආදරයට පාත‍්‍ර වූ පුද්ගලයෙකු වන මාකොළ රණසිංහ මහතාගේ නිවසේ ඇති දැඩිකළ සුනඛයෙකු මිය යාමෙන් පසු ඉතා ගෞරවනීය ලෙස එම සුනඛයාගේ අවසන් කටයුතු සිදුකළ පුවතක් ගැන.

සිය නිවසේ ඇති දැඩිකළ සිඩ්නි නමැති රොට්වයලර් වර්ගයේ මෙම සුනඛයාට  මාකොළ රණසිංහ මහතා දැක්වූයේ දැඩි ආදරයක්. ඒ නිසාම තම සුරතල් සත්වයා දිවිගමනට සමුදුන් මොහොතේදී එම අවසන් කටයුතු මහා සංඝරත්නයේ ආශීර්වාද මැද සිදු කිරීමට ඔහු කටයුතු කර තිබුනා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.