කොන්දේසි විරහිතව "සජිත් ප්‍රේමදාස"ගේ නම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සම්මත වෙයි ! | Colombocall කොන්දේසි විරහිතව "සජිත් ප්‍රේමදාස"ගේ නම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සම්මත වෙයි ! - Colombocall

Hot News

කොන්දේසි විරහිතව "සජිත් ප්‍රේමදාස"ගේ නම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සම්මත වෙයි !





මාස කිහිපයක සිට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳ විවිධ තර්ක විතර්ක මෙන්ම  මතවාද සහ අවලාද පැනනඟිමින් තිබුණා.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට දැඩි අකමැත්තක් තිබුණු බව වාර්තා වුණා.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකින් අනතුරුව ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කිරීමට සියළු දෙනාගේම කැමැත්ත ලැබී තිබෙනවා.

ඒ බව නවීන් දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ ඉතාමත් සතුටකින්.

අද (26) සවස එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම සජිත් ප්‍රේමදාස මහතාගේ නම  ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.

එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් ජනතාවගේ හදවතේ සිටින නායකයා ලෙස කිරුළු දැරූ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් විය යුතුම බව බහුතර ජනතා අදහස වී තිබුණා.