පොලිසියට වෙඩිතබා පලාගිය පොරක් අත් අඩංගුවට ! | Colombocall පොලිසියට වෙඩිතබා පලාගිය පොරක් අත් අඩංගුවට ! - Colombocall

Hot News

පොලිසියට වෙඩිතබා පලාගිය පොරක් අත් අඩංගුවට !



පොලිසියට වෙඩි තබා පළා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට  ලැබුණු තොරතුරක් මත ඊයේ (09) සවස අදාළ යතුරු පැදියේ ගමන් කළ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් මත තවත් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන පිරිස 05 දෙනෙක්.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර සඟවා තිබූ ගිනි අවි 02ක් මැගසින් 02ක් සහ සජීවී පතොරම් කිහිපයක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන්  සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙහිදී සොයා ගත් ටී 56 ගිනි අවි පසුගිය දිනෙක පානදුර උතුර පොලිස් ස්ථානයෙන් සොරකම් කරන ලද ටී 56 ගිනිඅවි දෙක බවට අනාවරණය වී තිබෙනවා.