සජිත් රණවිරුවන්ගේ දෙපාමුලට යයි ! රණවිරුවන් උපවාසය අවසන් කරයි | Colombocall සජිත් රණවිරුවන්ගේ දෙපාමුලට යයි ! රණවිරුවන් උපවාසය අවසන් කරයි - Colombocall

Hot News

සජිත් රණවිරුවන්ගේ දෙපාමුලට යයි ! රණවිරුවන් උපවාසය අවසන් කරයි




අබාධිත රණවිරුවන්ගේ ගැටළුව හෙට (01) දිනයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (30) උදෑසන අබාධිත රණවිරුවන්ගේ සුවදුක් බැලීමට කොළඹ, කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කරනු ලැබුවා.

රට දැය බේරාගත් විරෝධාර රණවිරුවන් වෙනුවෙන් තමා ලොකු වැඩක් සිදුකරන පුද්ගලයෙක් බවත් පැවසු අමාත්‍යවරයා ඔවුන් වෙනුවෙන් නිවාස හා ගෙවල් හදා ගැනීමට ණය ලබා දී ඇති බවත් කියා සිටියා.

රණවිරු ප්‍රජාවට ලබා දිය යුතු උපරිම සහය ලබාදෙන පුද්ගලයෙක් ලෙස ඔවුන්ගේ මෙම ගැටළුවලට පිළිතුරක් රැගෙන නැවත වතාවක් පැමිණෙන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

පසු සටහන

මීට සුළු මොහොතකට පෙර ආභාධිත රණවිරුවන් විසින් තම උපවාසය අතහැරදමා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සාකච්ඡා කිරීමෙන් පසු නිසි විසඳුම් ලැබී ඇති බවත් වාර්තා වෙනවා