තේරීම්කාරක සභාව කළ දේ ජනපති හෙළිකරයි ! | Colombocall තේරීම්කාරක සභාව කළ දේ ජනපති හෙළිකරයි ! - Colombocall

Hot News

තේරීම්කාරක සභාව කළ දේ ජනපති හෙළිකරයි !





පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තමන්ගෙන් සාක්‍ෂි විමසීමේ අවස්ථාව මාධ්‍යයට අනාවරණ නොකළේ එම සභාවේ ඉල්ලීමකට අනුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

තමන් මෙය මාධ්‍යයට විවෘත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබූ බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

එහිදී "මම කරන ප්‍රකාශය රටේ ජනතාවට දැක ගන්න මම සූදානම් කර තිබුණා. තේරීම් කාරක සභාවේ ඔක්කොම එක හඬින් කිව්වා මාධ්‍යට දෙන්න බැහැ. කැමරා අවශ්‍ය නෑ මෙතනට කියලා. " යනුවෙන් සඳහන් කළා.