බන්ධනාගාර ගත වෙද්දී උටියට වුණු දේ මෙන්න ! | Colombocall බන්ධනාගාර ගත වෙද්දී උටියට වුණු දේ මෙන්න ! - Colombocall

Hot News

බන්ධනාගාර ගත වෙද්දී උටියට වුණු දේ මෙන්න !





හොරොව්පොතාන ප්‍රදේශයේදි සාමණේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කෙරුණු චමින්ද ගලගොඩ හෙවත් උටියා නැමැත්තා පසුගිය බිනර පුන් පොහෝදා අනුරාධපුර බන්ධනාගාරයේදී අට සිල් සමාදන් වී තිබේ.

සෑම මසකම අනුරාධපුර බන්ධනාගාරයේ පැවැත්වන ශීල පිංකම හා එක්වෙමින් උටියා මෙසේ සිල් සමාදන් වූ බව බන්ධනාගාර නිලධාරියෙක් පවසනවා.

හොරොව්පොතාන පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉකුත් 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ උටියා ලබන 24 වැනිදා දක්වා බන්ධනාගාර ගත කළ අතර හෙතෙම අනුරාධපුර බන්ධනාගාරයට රැගෙනවිත් ඇත්තේ එදින රාත‍්‍රි 7.00 ට පමණය.

ඔහු රැගෙන ඒමත් සමග හිටි හැටියේ අනුරාධපුර බන්ධනාගාරයේ විදුලිය විසන්ධි වී තිබේ. පැයකට පමණ පසු බන්ධනාගාරයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්ව ඇති අතර එහිදී බන්ධනාගාර ප‍්‍රධානීන් වෙත පැමිණි උටියා සර් මම ආයෙත් කිසි දවසක සතෙකුටවත් පහර දෙන්නේ නැහැයි කියමින් බන්ධනාගාර නිලධාරීන්ට පොරොන්දු වී ඇත.

පසුව බන්ධනාගාර නිලධාරීන්ගේ මඟ පෙන්වීම මත උටියා බිනර පොහෝ දිනයේ සිල් සමාදන් වූ බවද ඉහත බන්ධනාගාර නිලධාරියා පැවසීය.