නිරුවත් රුප ගොඩක් ගෙන්නගෙන කප්පම් අරන් මාට්ටු ! | Colombocall නිරුවත් රුප ගොඩක් ගෙන්නගෙන කප්පම් අරන් මාට්ටු ! - Colombocall

Hot News

නිරුවත් රුප ගොඩක් ගෙන්නගෙන කප්පම් අරන් මාට්ටු !





ෆේස්බුක් හරහා පුද්ගලයෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වා ලබා ගත් නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් රුපියල් විසිහතර ලක්ෂ හතලිස් දහසක (2,440,000) ක මුදලක් කප්පම් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව එම කාන්තාව සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්නපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක් සහ මොරටුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ගුවන් හමුදා සෙබලෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් කාන්තාව සහ අනෙක් පුද්ගලයා විසින් අවස්ථා කිහිපයකදීම අදාළ පුද්ගලයාගෙන් කප්පම් මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

සැකකාර කාන්තාව ෆේස්බුක් මගින් හදුනාගත් පුද්ගලයාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට බලපෑම් කරමින් අවස්ථා කිහිපයකදී  මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් එම පුද්ගලයා සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර කාන්තාව සහ අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.