තම දියණිය අභිබවා ඉගනගත් හතරවසරේ දියණියක් පැහැර ගැනීමට උත්සහ කළ පව්කාර දෙමව්පියෝ ! | Colombocall තම දියණිය අභිබවා ඉගනගත් හතරවසරේ දියණියක් පැහැර ගැනීමට උත්සහ කළ පව්කාර දෙමව්පියෝ ! - Colombocall

Hot News

තම දියණිය අභිබවා ඉගනගත් හතරවසරේ දියණියක් පැහැර ගැනීමට උත්සහ කළ පව්කාර දෙමව්පියෝ !




කළුතර ප‍්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 8 හැවිරිදි ශිෂ්‍යාවක පැහැර ගෙන ගොස් රුපියල් කෝටියක කප්පම් මුදලක් ලබා ගැනීමට සැලසුම් කිරී සම්මේබන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු දොඩන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට වසර 02 කට පෙර පැවැත්වූ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයකදී මෙම දැරිය සහතික පත් සහ ත්‍යාග විශාල ප‍්‍රමාණයක් ලබා ගැනීම හේතුවෙන් ඇතිවූ වෛරයක ප‍්‍රතිඵලයක් මත මෙම පැහැර ගැනීම සැලසුම් කර ඇති බව පොලීසිය කළ විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

එසේම දොඩන්ගොඩ ප‍්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන අඹු සැමි යුවළක් විසින් මෙම කොන්ත‍්‍රාත්තුව භාර දී ඇති බව කප්පම්කරුවන් හෙළිකර ඇති බව වාර්තා වන අතර මෙම දියණිය පන්තියේ අනෙක් දරුවන් අභිබවා ඉගෙනුම ලබන නිසා එය නතර කිරීමට පැහැරගෙන ගොස් හිරිහැර, තාඩන, පීඩන කර පියාගෙන් කප්පම් ලබා ගැනීම සඳහා මෙම කොන්ත‍්‍රාත්තුව භාරදුන් බව ද හෙළිව තිබෙනවා.

පැහැර ගැනීමට සැලසුම් කර ඇති මෙම දියණිය කළුතර ප‍්‍රදේශයේ ප‍්‍රධන රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකුගේ දියණියක් වන අතර එම වෛද්‍යවරයාද මේ වන විට  විදේශ සංචාරයක නිරතව සිටින බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.

මේ අතර අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සතුව තිබී පොලිස් නිල ඇඳුම් කට්ටලයක්, වායු රයිෆලයක් සහ වෙඩි බෙහෙත් ද්‍රව්‍යද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුනේ.