තමාට බලය ලද සැණින් කරන දේ ගැන ගෝඨාගේ කටින් පිටවෙයි | Colombocall තමාට බලය ලද සැණින් කරන දේ ගැන ගෝඨාගේ කටින් පිටවෙයි - Colombocall

Hot News

තමාට බලය ලද සැණින් කරන දේ ගැන ගෝඨාගේ කටින් පිටවෙයි





තමාට බලය ලැබුණහොත් තම ප්‍රථම කර්තව්‍ය වන්නේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් මුල් අවුරුද්දේ දීම යෙදවීම බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

වෘත්තියවේදීන්ගේ සංසදය විසින් සංවිධාන කළ ශ්‍රි ලංකාව තිරසාර සංවර්ධන නව යුගයකට රැගෙන යාම පිළිබදව වෘත්තිකයින්ගේ ඉදිරි දර්ශනය පිළිබද සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

‘‘ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස ප්‍රකාශ කළා.ලක්ෂ පහක් උසස් පෙළට වාඩි වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. තිස්පන්දාහක් විශ්ව විද්‍යාලෙ යනවා.

ඉතුරු අය අතරමං වෙනවා. අපි මේ තත්වය නැති කරන්න ඕන. මේ අයට තෘතියික අධ්‍යාපනයක් දෙන්නම ඕන.එහෙම නැත්තම් අපේ ආර්ථිකය ඉහලට ගන්නත් බෑ. තරුණ තරුණියන්ගෙ අසහනය නැති කරන්නත් බෑ.

මගේ අදහස අනුවනම් මට බලය ලැබුනොත් මගේ පළවෙනි කර්තව්‍ය තමයි අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් මුල අවුරුද්දේම යොදනවා. ඒ හරහා මම බලාපොරොත්තු වෙන්නෙ දැනට තියෙන විශ්ව විද්‍යාලවලට යම්කිසි වෙනස්කම් කරලා අඩුගානේ 20% කින්වත් ඇතුලට ගන්න ප්‍රමාණය වැඩි කරන්න.

මේ අතර සාර්ථක රාජ්‍ය පාලනයක් සිදුකිරිම සදහා වෘත්තිකයින් දේශපාලනයට මෙන්ම රාජ්‍ය තන්ත්‍රයටත් මැදිහත් විය යුතු බවද ඔහු එහිදී සඳහනක් කළා. එසේම රටේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම භාර දිය යුත්තේ නිලධාරීන්ට බවත්, අවංකව වැඩ කරන රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීම අවශ්‍ය අතර ඊට නීතිමය ක්‍රමවේද අවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නා.