දෙමටගොඩ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් ! | Colombocall දෙමටගොඩ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් ! - Colombocall

Hot News

දෙමටගොඩ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් !



දෙමටගොඩ ප්‍රදේශයේ අද (15) උදෑසන සිදු වූ පිපිරීම ගෑස් සිලින්ඩරයක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදු වූ පිපිරීමක් බවට මෙතෙක් සිදු කළ විමර්ශනවලින් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

අද උදෑසන 8.45ට පමණ දෙමටගොඩ පොලිස් වසමේ මහවිල පටුමග සමන්තවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වූ මෙම පිපිරීමෙන් එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.