"රනිල්ට පිට කොන්දක් තියනවා" මහින්ද රාජපක්ෂ | Colombocall "රනිල්ට පිට කොන්දක් තියනවා" මහින්ද රාජපක්ෂ - Colombocall

Hot News

"රනිල්ට පිට කොන්දක් තියනවා" මහින්ද රාජපක්ෂ



නූපන් පරම්පරාවව වෙනුවෙන් වත්මන් ආණ්ඩුව පරාජය කිරීම ජනතාවගේ වගකීමක් බව විපක්ෂ නායක බව මහින්ද රාජපක්ෂ පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (07) අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති මහජන එක්සත් පෙරමුණේ සමුළුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා,

”එක්සත් ජාතික පක්ෂයට තවමත් ඒකමතිකව අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ගන්න පුළුවන් වෙලා නෑ. කුමන අපේක්ෂකයා ඉදිරිපත් වුවද පොදු ජන පෙරමුණට ඔවුන් පරාජය කළ හැකියි. එජාපය අපේක්ෂකයා තෝරා ගන්න බැරුව ඊයේ වෙනකල් ඇඳ ඇඳ හිටියා. ඊයේ නම් කියලා තියෙනවා මම එනවා කියලා රනිල්. හැබැයි අනිත් එක්කෙනා කියලා නෑ, තාම එයා එන්නේ නෑ කියලා. රනිල්ට නම් ටිකක් හරි පිට කොන්දක් තියෙනවා කියලා පෙන්නලා තියෙනවා.

දැන් බලන්න ඕනෙ සජිත්ට පිට කොන්දක් තියෙනවාද කියලා. එයා කියපු එක කරයිද නැත්තම් ඔක්කෝම පාවලා දීලා ආපහු ඔඩොක්කුවට රිංගයිද කියලා. අපිට නම් තුන්දෙනා එකට තියලා ගැහුවත් එකයි. තනි තනියෙන් ආවත් එකයි. අපිට පුළුවන් ඔවුන්ව පරද්දන්න.” යනුවෙන් සඳහන් කර සිටියා.

එසේම වෙනත් රටකට වහල් වීමට ශ්‍රී ලංකාවට හෝ ජනතාවට අවශ්‍යතාවයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.