රනිල් වික්‍රමසිංහ ජනාධිපති කොමිසම නොමඟ යවලා ! | Colombocall රනිල් වික්‍රමසිංහ ජනාධිපති කොමිසම නොමඟ යවලා ! - Colombocall

Hot News

රනිල් වික්‍රමසිංහ ජනාධිපති කොමිසම නොමඟ යවලා !






කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා නව ගොඩනැගිල්ලක් කුලී පදනමට මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී, බත්තරමුල්ලේ පිහිටි ප්‍රවීණ නිලී සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් ගොඩනැගිල්ලක් අධික බදු කුලියකට යටත්ව මිලදී ගැනීම නිසා සිදුවී ඇති පාඩුව සම්බන්ධයෙන් ඊයේ දිනයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමක් සිදුවිය.

ඒ වර්තමාන ආණ්ඩුවේ වංචා දූෂණ විමර්ශණය කරන ජනාධිපති කොමිසම හමුවේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා කොමිසමට ප්‍රකාශ කලේ මෙම ගොඩනැගිල්ල මිලදී ගැනීම සදහා කෘෂිකර්ම අමාත්‍යංශය සම්පූර්ණයෙන්ම වගකීමට බැඳී සිටිය යුතු බවත් එය අග්‍රාමාත්‍යවරයා වශයෙන් තමාට අයත් කාරණාවක් නොවන බවත් ය.

නමුත් 2016 වසරේ පෙබරවාරි 17 වනදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඵ්MO/6/3/CM-16/2016 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය මඟින් කෘෂිකර්ම අමාත්‍යංශය සදහා නව ගොඩනැගිල්ලක් මිලදී ගත යුතු බව සහ ඒ සදහා රාජගිරියේ පිහිටි මතබේදයට තුඩුදී තිබෙන ඪ්ඵ්J ටවර් ගොඩනැගිල්ල බදු පදනම මත මිලදී ගැනීම සදහා අවසර ඉල්ලා තිබේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් මෙම ගොඩනැගිලි මිළඳී ගැනීම සදහා එවකට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක සිය විරුද්ධත්වය පළ කර ඇති අතර එම විරෝධය නොතකා මෙම ගොඩනැගිල්ල බදු පදනම මත කඩිනමින් මිලදී ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා සහ එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් අදාළ අංශ වෙත සෘජු නියෝග ලබා දී ඇත.

අග්‍රාමාත්‍යවරයා විසින් එසේ ක්‍රියාකර ඇතැයි සාක්ෂි සහිතව ඔප්පු වී තිබියදී අග්‍රාමාත්‍යවරයා අසත්‍ය තොර්තුරු සැපයීම හරහා ජනාධිපති කොමිසම නොමඟ යවා ඇතැයි යන සැකය මතුව තිබේ.