හිරේ ඉන්න කන්ජිපානට ෆෝන් දෙන්න ගිය අම්මා, මල්ලි, තාත්තා මාට්ටු ! | Colombocall හිරේ ඉන්න කන්ජිපානට ෆෝන් දෙන්න ගිය අම්මා, මල්ලි, තාත්තා මාට්ටු ! - Colombocall

Hot News

හිරේ ඉන්න කන්ජිපානට ෆෝන් දෙන්න ගිය අම්මා, මල්ලි, තාත්තා මාට්ටු !



දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ පියා සහා ඔහුගේ සොහොයුරා ඇතුළු සැකකරුවන් හයදෙනෙකු රත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(12) සවස බූස්ස බන්ධනාගාරයේ, රඳවා සිටින කංජිපානි ඉම්රාන් බැලීමට පැමිණි ඔහුගේ ඥාතීන් සතුව තිබී සැක කටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබු ජංගම දුරකථන 2ක් හා චාජර් 2ක් සොයා ගැනීමට හැකි වී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව රත්ගම පොලීසිය විසින් කංජිපානි ඉම්රාන්ගේ පියා සහ සොහොයුරා ඇතුළු සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් නිලධාරීයෙකුට දුරකථනය මඟින් තර්ජනය කිරීමේ චෝදනාවකට අදාළව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන් නැමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

ඔහු මෙම මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පසුගිය දා නියෝග කළේය.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රත්ගම පොලීසිය විසින් සිදු කරයි.