හිටපු අමාත්‍යවරු රැසක් පෝළිමේ ගොස් සජිත්ට සහය දක්වන බව කියයි ! | Colombocall හිටපු අමාත්‍යවරු රැසක් පෝළිමේ ගොස් සජිත්ට සහය දක්වන බව කියයි ! - Colombocall

Hot News

හිටපු අමාත්‍යවරු රැසක් පෝළිමේ ගොස් සජිත්ට සහය දක්වන බව කියයි !






එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට හිටපු මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු තීරණය කර තිබෙනවා.

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අශෝක මඩිගමංගාව, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන තිලක් මහලේකම්ගේ සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන නියොමාල් පෙරේරා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට සහාය දැක්වීමට තීරණය කර ඇති බවයි එම පාර්ශ්වය පැවසුවේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. නාවින්නද ඊයේ (28) එක් වුණා. ඒ, මංගල සමරවීර අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසේදී මාධ්‍ය හමුවක් කැදවමින්.

එස්. බී. නාවින්න මන්ත්‍රීවරයා ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිදුවූ බල පෙරළියත් සමග යළි එවකට අග්‍රා මාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට සහය පළ කිරීමට ද එක් වුණා.