අයියයි මල්ලිලා දෙන්නයි ජනපති මෛත්‍රී හමුවෙයි ! | Colombocall අයියයි මල්ලිලා දෙන්නයි ජනපති මෛත්‍රී හමුවෙයි ! - Colombocall

Hot News

අයියයි මල්ලිලා දෙන්නයි ජනපති මෛත්‍රී හමුවෙයි !






ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (28) දැනුම් දුන්නා. ඒ, ජනාධිපති කාර්යයාලයේ අද දහවල් පැවති සාකච්ඡාවේදීයි.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එක්වුණා. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් තරඟ කර, ඉදිරි මහමැතිවරණයේදී වෙනත් ලකුණකින් තරඟ වැදීම සඳහා දෙපාර්ශවය සාකච්ඡා කර එකඟතාවක් ඇතිකරගත යුතු බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් ද විමසීමක් කළ යුතු බවයි. මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනිද්දා රැස්වීමට නියමිතව තිබෙනවා.