කරෑ ජයසූරියට වඩා මම සුදුසුයි අපේක්ෂකත්වයට - ජොන්ගෙන් කරූට කනේ පහරක් | Colombocall කරෑ ජයසූරියට වඩා මම සුදුසුයි අපේක්ෂකත්වයට - ජොන්ගෙන් කරූට කනේ පහරක් - Colombocall

Hot News

කරෑ ජයසූරියට වඩා මම සුදුසුයි අපේක්ෂකත්වයට - ජොන්ගෙන් කරූට කනේ පහරක්






එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු තවමත් නම් කර නොතිබෙන අවධියක එම පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ විවිධ අදහස් සමාජ කරලියට පැමිණෙමින් තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට ග්‍රාමීය මට්ටමේ සහ පක්ෂයේ බහුතර මතය වී තිබුණ ද රනිල් වික්‍රමසිංහ මහතා මේ වන තෙක් එය ස්ථීර ලෙස ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිනවා.

මේ නිසා එජාප අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳ ජනතා කුතුහලයක් ඇතිව තිබෙන අතර , කරු ජයසූරිය මහතාගේ නම ද මේ වන විට තැන තැන කියවෙන්නේ පක්ෂයේ යම් පිරිසක් ඔහු වෙනුවෙන් පෙනී සිටීම නිසාය.

නමුත් කරු ජයසූරිය මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය අභියෝගයට ලක් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල අමාත්‍යවරයකු ක්‍රියාකර තිබෙනවා. එම අමාත්‍යවරයා වන්නේ වසර 33 ක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් වර්තමානයේ විදේශකටයුතු අමාත්‍යංශය භාරව සිටින ජෝන් අමරතුංගයි.

ඔහු සාධක සහිතව පෙන්වා දෙන්නේ කරු ජයසූරිය මහතා 2007 වසරේ එජාප මන්ත්‍රීවරුන් 16 දෙනකු සමඟ මහින්ද රාජපක්ෂගේ සන්ධානයට සම්බන්ධ වීම නිසා ඔහුගේ නම යෝජනා කිරීම එතරම් යෝග්‍ය නොවන බවයි. ඒ සමඟම ජෝන් අමරතුංග මහතා කියා සිටින්නේ එලෙස කරුගේ නම යෝජනා කරන්නේ නම් තමා කරූට වඩා සුදුස්සෙකු බවයි.පක්ෂය අසීරු අවස්ථාවලදී රැකගනිමින් ඔහු ක්‍රියාකිරීම ඊට හේතුව බව ඔහුගේ අදහසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට  කෙනෙකු ඉදිරිපත් වන්නේ නම් පිරිසිදු දේශපාලන අතීතයක් තිබිය යුතු බවයි.