සෞදියේ තෙල් ගබඩා දෙකක් සම්පූර්ණයෙන් විනාශ කරයි | Colombocall සෞදියේ තෙල් ගබඩා දෙකක් සම්පූර්ණයෙන් විනාශ කරයි - Colombocall

Hot News

සෞදියේ තෙල් ගබඩා දෙකක් සම්පූර්ණයෙන් විනාශ කරයි





සෞදියේ ඇබ්ඣඉඣ් සහ ඛ්හුරඉස් යන ප්‍රදේශවල පිහිටි ප්‍රධාන පෙලේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් වෙත ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ලවී තිබෙනවා.

අදාල ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන සෞදි රජය යටතේ ක්‍රියාත්මක ඇරම්cඔ සමාගමට අයත්  බවයි විදෙස් මාධ්‍ය වාර්ථා සඳහන් කරන්නේ.

මෙම ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන දෙක වෙත එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග විශාල ගින්නක් හටගෙන තිබු අතර මේ වන විට එම තත්ත්වය පාලනය කිරීමට ගිනි නිවීමේ ඒකක සමත්ව ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් සඳහන් කර තිබෙන්නේ.

මිට පෙරද සවුදියේ ගුවන් තොටුපලවල් ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ඩ්‍රෝන ප්‍රහාරයන් එල්ලවූ අතර එම ප්‍රහාරයන් ඉරානයේ සහය ලබන හුති කැරලිකරුවන් විසින් එල්ල කළ බවට සෞදි අරාබිය චෝදනා කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙම  ප්‍රහාරයන් එල්ල කරනු ලැබුවේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා සෞදි රජය ප්‍රතිචාර දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.