මඟුල්මුද්ද උගසට තියා අරක්කු බීපු පියාව පුතා මරයි ! | Colombocall මඟුල්මුද්ද උගසට තියා අරක්කු බීපු පියාව පුතා මරයි ! - Colombocall

Hot News

මඟුල්මුද්ද උගසට තියා අරක්කු බීපු පියාව පුතා මරයි !





සිය මගුල් මුද්ද උකස් කර මත්පැන් පානය කිරීම හේතුවෙන් කෝපයට පත්වූ පුත්‍රයෙකු විසින් සිය පියාට සිදුකළ පහර දීමක් හේතුවෙන් එම පියා මිය යාමේ පුවතක් ආණමඩුව, පල්ලම පොලිස් වසමෙන් වාර්තා වනවා.  මෙලෙස මියගොස් ඇත්තේ ආඩිගම, පෙරියමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙක්.

මීට මාසයකට පමණක් පෙර විවාහ දිවියට ඇතුළුවූ මෙම සැකකරුගේ මගුල් මුද්ද දින කිහිපයකට පෙර අතුරුදහන්වී ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වී තිබුණේ සිය පියා විසින් තම මගුල් මුද්ද රැගෙන උකස් කොට ලබාගත් මුදලින් මත්පැන් පානය කර ඇති බවයි.

ඒ අනුව  කෝපයට පත්වූ පුත්‍රයා සිය පියාට අතින් පයින් පහරදී ඇති අතර ඇතිවූ තුවාල හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුත්‍රයා පල්ලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.