ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්දය අද (27) | Colombocall ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්දය අද (27) - Colombocall

Hot News

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්දය අද (27)




ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය විමසීම අද පැවැත්වෙනවා. ඒ සදහා අවශ්‍ය සියළු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ සඳහන් කළේ.
ඡන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයන් වෙනුවෙන් ලබන මස 4 වනදා අතිරේක දිනයක් ලබාදී තිබෙනවා.
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළ අද පැවැත්වෙන තැපැල් ඡන්ද විමසීම සදහාද විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් යොදා ඇති අතර. ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝම්බර් මස 11 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.