නිළියක් වෙන්න ආසාවෙන් අවුරුදු 23 තරුණයාට නිරුවත් රෑප යවලා ! | Colombocall නිළියක් වෙන්න ආසාවෙන් අවුරුදු 23 තරුණයාට නිරුවත් රෑප යවලා ! - Colombocall

Hot News

නිළියක් වෙන්න ආසාවෙන් අවුරුදු 23 තරුණයාට නිරුවත් රෑප යවලා !






ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ නළුවෙක් ලෙස පෙනී සිටිමින් අලූතින් නිෂ්පාදනය කරන චිත‍්‍රපට සඳහා වයස අවුරුදු 17 ත් 30 ත් අතර කාන්තාවන් බඳවා ගන්නා බවට දැන්වීම් පළ කොට ඔවුන්ගේ ඡායාරූප සමඟ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන පසුව ඔවුන් බියකර කප්පම් ගැනීමට තැත් කළ බව කියන 23 හැවිරිදි තරුණයකු කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් තරුණයාගේ ජංගම දුරකථනයේ තිබී තරුණියන්ගේ, කාන්තාවන්ගේ සහ පාසල් සිසුවියන්ගේ ඡායාරූප සහ ඔවුන්ගේ නිරුවත් ඡායාරූප 7000 කට අධික ප‍්‍රමාණයක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එසේම අදාල දැන්වීම් ප‍්‍රචාරවලට රටේ විවිධ ප‍්‍රදේශවල කාන්තාවන් විශාල පිරිසක් ප‍්‍රතිචාර දක්වා ඇති ඇති අතර වයස අවුරුදු 13, 14 සහ 15 යන වියේ පාසල් සිසුවියන්ද මෙම වංචාවට හසුව තිබෙනවා.

ෆේස්බුක් හරහා එම දැන්වීමට ප‍්‍රතිචාරය දක්වන කාන්තාවන්ට පළමුවෙන්ම නම, වයස, ගම සහ පාසල විස්තර කෙටි පණිවුඩ මගින් එවන ලෙසට දන්වා ඒවා එවූ පසුව සැකකරු විසින් චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයකු බව කියන පුද්ගලයකු හඳුන්වාදී එම අධ්‍යක්‍ෂවරයාගේ බව කියමින් දුරකථන අංකයක් ද ලබා දී තිබෙනවා. ඒ අනුව එම දුරකතන අංකයට වට්ස් ඇප් හරහා පළමුව සාමාන්‍ය ඡායාරූප 10 ක් ගෙන්වාගෙන පසුව නිරුවත් ඡායාරූප ලබා ගැනීමට ඔහු කටයුතු කර තිබෙනවා.

පසුව එම ඡායාරූප සකස් කරන්නට ලක්‍ෂ 1 1/2 ක පමණ මුදලක් වැය වී තිබෙන බව පවසා රුපියල් පනස් දහසක් එවන ලෙසට එම කාන්තාවන්ට දන්වා ඇති අතර එසේ මුදල් ලබා දීමට නොහැකිනම් තමා හමුවීමට පැමිණෙන ලෙසත්, එසේ  නැතිනම් එම ඡායාරූප පවුලේ අයට පෙන්වන බවට ඔහු තර්ජනය කර ඇති බවටත් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.