දෙදරු පියා 17 කෙල්ල එක්ක සැප ගන්න ගිහින් ඇන ගත්ත හැටි මෙන්න ! | Colombocall දෙදරු පියා 17 කෙල්ල එක්ක සැප ගන්න ගිහින් ඇන ගත්ත හැටි මෙන්න ! - Colombocall

Hot News

දෙදරු පියා 17 කෙල්ල එක්ක සැප ගන්න ගිහින් ඇන ගත්ත හැටි මෙන්න !







නිවිතිගල උඩකරවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණියක සමග වෙනත් ප්‍රදේශයකට පලාගොස්‌ අඹු සැමියන් වශයෙන් ජීවත් ජීවත් වූ 27 හැවිරිදි දෙදරු පියෙකු පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව නිවිතිගල පොලිසිය පවසනවා.

සංජය සඳරුවන් නමැති 27 හැවිරිදි දෙදරු පියෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර මෙම පුද්ගලයා විසින් මීට මාස තුනකට පමණ ඉහතදී එම ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියක සමග පලාගොස්‌ වෙනත් ප්‍රදේශයක අඹු සැමියන් වශයෙන් ජීවත් වී තිබෙනවා. ඉන් අනතුරුව මීට දින කීපයකට පෙර නැවතත් ඔවුන් දෙදෙනා එම ප්‍රදේශයට පැමිණි  අවස්ථාවේදී මෙම සිදුවීමට මුහුණ පා තිබෙනවා.

ඒ අනුව අදාළ තරුණයා පසුගිය 26 වෙනිදා එම තරුණියගේ පියා මුණගැසී ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්‌ වීමකින් පසු තරුණියගේ පියා විසින් මෙම තරුණයාට පිහියෙන් ඇන පලාගොස්‌ තිබෙනවා.

එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් 1990 සුවසැරිය ගිලන් රථය ගෙන්වා තුවාලකරු රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති අතර  ඔහු රෝහලට රැගෙන යන අවස්ථාව වන විට මියගොස් තිබෙනවා.