ඉහළ නියෝග මත ගෝඨාගේ පෝස්ටර් , කටවුට් ගැලවුණු හැටි මෙන්න ! (PHOTOS) | Colombocall ඉහළ නියෝග මත ගෝඨාගේ පෝස්ටර් , කටවුට් ගැලවුණු හැටි මෙන්න ! (PHOTOS) - Colombocall

Hot News

ඉහළ නියෝග මත ගෝඨාගේ පෝස්ටර් , කටවුට් ගැලවුණු හැටි මෙන්න ! (PHOTOS)





මෙවර ජනපතිවරණය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදර්ශනය කර ඇති සියලුම පෝස්ටර්, දැන්වීම් හා කටවුට් ඉවත්කිරිමට කටයුතු කර තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලබාදුන් උපදෙස් අනුව අදාල පෝස්ටර්, දැන්වීම් හා කටවුට් ඉවත්කිරිමට කටයුතු කර ඇති අතර ඉදිරියේදී මෙම වැඩසටහන අනෙකුත් දිස්ත්‍රික්කවලද ක්‍රියාත්මක කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැතිවරණ ව්‍යාපාරය ප්ලාස්ටික්, පොලිතීන් හා පොස්ටර් භාවිතයෙන් තොරව සිදුකරන බවට පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශකළ අතර එය මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රතිපත්තියක් බවද  මන්ත්‍රීවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් එය ක්‍රියාත්මක කිරිමේදී බිම් මට්ටමේදී ගැටලු කිහිපයක් පැනනැගී ඇති බවත් එම ගැටලු විසඳා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී ලෙස ක්‍රියාත්මක කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.