එ.ජා.ප යට දිනන්න බැරි හේතුව ෆොන්සේකා හෙළිකරයි ! | Colombocall එ.ජා.ප යට දිනන්න බැරි හේතුව ෆොන්සේකා හෙළිකරයි ! - Colombocall

Hot News

එ.ජා.ප යට දිනන්න බැරි හේතුව ෆොන්සේකා හෙළිකරයි !




බල ලෝභයෙන් යුතුව නායකත්වය වෙනස් කිරීමෙන් පමණක් පක්ෂයකට ජයග‍්‍රහණය කළ නොහැකි බව එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

 රාගම ප‍්‍රදේශයේ දී ඊයේ (14) පැවැති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය දිනවල ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැක්වූ අදහස් දේශපාලන වේදිකාවේ ආන්දෝලනයට තුඩු දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

"අපේ පක්ෂය ඇතුළේ ගැටලූ තියෙනවා. ඒවා සමථයකට පත් කර ගත යුතුයි. ගෝඨාභයට බණින අයත් ඔහු සමඟ  ගනුදෙනු කරනවා. එවැනි වැඩ කිරීමෙන් සිදු වෙන්නේ පාක්ෂිකයන් අතරමං වීම. අපි තවම අපේක්ෂකයා විවේචනය කරන්න පටන් ගත්තේ නෑ. රට හදන්න බැරි නුසුදුස්සෙක් ආවොත් හෘද සාක්ෂියට එකඟව වේදිකාවට නැඟලා ඔවුන් වෙනුවෙන් කැපකිරීම් කරන්න බැරි වෙනවා. ඒ නිසා විවේචන පටන් ගන්න තාම කල් වැඩියි. බල ලෝභය වෙනුවෙන් වෙනත් අයෙක් නායකයාගේ පුටුවේ වාඩි වෙලා ගමනක් යන්න ගියාට පක්ෂයට හෝ ජනතාවට ඉන් වැඩක් වෙන්නේ නෑ." යනුවෙන්ද පැවසූවා.