ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් කාම්බෝජයේ ස්ථාපිත කරනවා ! | Colombocall ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් කාම්බෝජයේ ස්ථාපිත කරනවා ! - Colombocall

Hot News

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් කාම්බෝජයේ ස්ථාපිත කරනවා !







ශ්‍රී ලංකා තානාපති කාර්යයාලයක් කඩිනමින් කාම්බෝජයේ ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එමගින් අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. සිය කාම්බෝජ සංචාරය අතරවාරයේ එරට අගනගරය වන නොම්පෙන්ග්හි පිහිටි වට් ලංකා ප්‍රා කුසුමාරම් විහාරස්ථානයේ අද (10) පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

ථේරවාදී බුදු දහම ලොව පුරා ප්‍රචාරය කරන වැඩපිළිවෙලේදී ද, කාම්බෝජය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ. ජනාධිපතිවරයා අද නොම්පෙන්ග්හි පිහිටි වට් ලංකා ප්‍රා කුසුමාරම් විහාරස්ථානයේ බෞද්ධාගමික වතාවත්වල ද නිරත වුණා.