කීර්ති තෙන්නකෝන් ආණ්ඩුකාරවරයාට ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනපති දැනුම් දෙයි ! | Colombocall කීර්ති තෙන්නකෝන් ආණ්ඩුකාරවරයාට ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනපති දැනුම් දෙයි ! - Colombocall

Hot News

කීර්ති තෙන්නකෝන් ආණ්ඩුකාරවරයාට ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනපති දැනුම් දෙයි !




දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් හට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුම් දී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මිට පෙර ජනාධිපතිවරයා විසින් සිදුකළ දැනුම් දීමකට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට අද (03) දින භාරදෙනු ලැබුවා.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඔහුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් ඉල්ලා අස්වූ මෛත්‍රී ගුණරත්න දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ.