ඉස්ලාමීය මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ අවධානය ලංකාව දෙසට යොමුවෙයි | Colombocall ඉස්ලාමීය මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ අවධානය ලංකාව දෙසට යොමුවෙයි - Colombocall

Hot News

ඉස්ලාමීය මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ අවධානය ලංකාව දෙසට යොමුවෙයි



IS ත්‍රස්ත කල්ලියේ අවධානම ඇති නව රටවල් අතර ඉන්දියාව, තුර්කිය, ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව වන බව ගැටුම් නිරීක්ෂකයෙකු විසින් අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම ඉරාකය සහ සිරියාව යන රටවල් වලට තිබූ බලපෑම් විශාල වශයෙන් අඩු වී ඇති බව ද සඳහන්.
මෙම තොරතුරු වාර්තා වන්නේ ජිහාඩ් නායක අබුබකර් අල් – බැග්ඩැඩිගේ නායකත්වයෙන් යුත් IS ත්‍රස්ත සංවිධානය විසින් සිදුකරන ලද ක්‍රියාකාරකම් පදනම් කරගත් (ACLED) දත්ත වාර්තාවට අනුවයි.
මේ වසරේ මුල් මාස 05 තුළ IS සිය ගෝලීය මෙහෙයුම් කෙරෙහි පෙර නොවූ විරූ ලෙස අවධානය යොමු කර තිබෙනවා.
වසර 05කින් පසුව IS නායක අබුබකර් ඔහුගේ පළමු වීඩියෝවෙන් පසුව (අපේ‍්‍රල් මාසයේ ශ්‍රී ලංකා පාස්කු බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව) අබුබකර් වැඩි වශයෙන් අවධානය යොමුකළේ දකුණු ආසියාවේ කි‍්‍රයාකාරකම් කෙරෙහියි.
ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව, සෞදි අරාබිය, තුර්කිය, ඩී. ආර් කොංගෝ, බුර්කිනා ෆාසෝ, මාලි සහ ලිබියාව යන රටවල් හි IS බිහි වී ක්‍රියාත්මක වන නව භූමි ප්‍රදේශ බව ACLED වාර්තාවේ දැක්වෙනවා.
2019 වසරේ දී ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාකාරකම් වලින් 60%කට ආසන්න ප්‍රමාණයක් බටහිර ආසියාවෙන් පිටත දී සිදුව ඇති අතර ඒ දකුණු ආසියාව සහ අප්‍රිකාව ඉලක්කගතවයි.
2018 වසරේ දී බටහිර ආසියාවෙන් පිටත එම ක්‍රියාකාරකම් 45%කට සීමා වූ අතර එය 2016 සහ 2017 දී 20%ට වඩා බෙහෙවින් අඩු අගයක් ගත් බව සඳහන්.