ඉදිරි ජනාධිපතිවරණ සටනට ආචාර්යය අජන්තා පෙරේරාත් පා තබයි ! | Colombocall ඉදිරි ජනාධිපතිවරණ සටනට ආචාර්යය අජන්තා පෙරේරාත් පා තබයි ! - Colombocall

Hot News

ඉදිරි ජනාධිපතිවරණ සටනට ආචාර්යය අජන්තා පෙරේරාත් පා තබයි !




ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් පරිසරවේදීනී ආචාර්ය අජන්තා පෙරේරාව නම් කරන බව සමාජවාදී පක්ෂය ඊයේ (28) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.

එමෙන්ම ඇය සමාජ සේවිකාවක් ලෙස ද ප්‍රසිද්ධියක් උසුළුනවා.

බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩ නැංවිය හැකි ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ඉටු කිරීමට තමන් කැපවෙන බවයි ඇය පවසන්නේ.

පරිසරවේදිනියක් වන ආචාර්ය අජන්තා පෙරේරා 90 දශකයේදී මෙරට ඇරඹි ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහ‌නේ නිර්මාතෘවරිය වන අතර පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට ද පරිසරය පිළිබඳ වැඩමුළු පැවැත්වූ අයකු බවත් සමාජවාදී පක්ෂය පවසනවා.

1999 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරිපත්වීමෙන් පසුව ජනාධිපතිවරණයට තරග කිරීමට කාන්තාවක් ඉදිරිපත්වන ප්‍රථම අවස්ථාව මෙයයි.

නව ලිබරල්වාදය වෙනුවෙන් පෙනී සිටින වත්මන් ධනපති හවුල් ආණ්ඩු දේශපාලනයට එරෙහිව පෙනී සිටීම, ගොවි සහ කම්කරු පන්තිය මෙන්ම සෙසු පීඩිත ජනතාව මත පදනම් වූ ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ ගොඩනැගීම උදෙසා සටන් කරන බව ද ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.