පොහොට්ටුවේ අයට නීති රැසක් ! විශේෂ හමුවක් මෙන්න | Colombocall පොහොට්ටුවේ අයට නීති රැසක් ! විශේෂ හමුවක් මෙන්න - Colombocall

Hot News

පොහොට්ටුවේ අයට නීති රැසක් ! විශේෂ හමුවක් මෙන්න




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තවත් රැස්වීමක් අද (22) පැවැත්වීමට නියමිතයි. කොළඹ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වෙනු ඇති.

එහි අරමුණු පැහැදිලි කරන පාර්ලිමේන්තු මන්ත්‍රී  ෂෙහාන් සේමසිංහ කියා සිටියේ වෙනත් දේශපාලන පක්ෂ රාශියක් මේ වන විට සිය පක්ෂය සමග සාකච්ඡා කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡාවක් මෙහිදි සිදු කෙරෙන බවයි. තවද පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය පිළිබඳව සහ එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට සිදුව ඇති බරපතල බෙදීම තුළ එජාප කණ්ඩායම් වියරු වැටී දේශපාලන කටයුතුවල නියැලෙන හෙයින් ඒ සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කෙරෙන බවයි සඳහන් කළේ.

ජනාධිපතිවරණයේදී මන්ත්‍රීවරුන් විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක්ද අද පැවැත්වෙන රැස්වීමේදී හදුන්වා දෙනු ඇතැයි මෙහිදි ප්‍රකාශ කෙරුණා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් කොළඹ තරු පන්තියේ හෝටලයක ඊයේ (21) පැවැත්වුණා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ද මන්ත්‍රිවරු පිරිසක් මෙම විශේෂ රාත්‍රී  භෝජන සංග්‍රහයට සහභාගි වී සිටි බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කෙරුණු හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂද ඊට සහභාගි වී සිටි බව දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවා.