ටට්යානාගේ තාත්තා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස පත්වීම ලබයි | Colombocall ටට්යානාගේ තාත්තා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස පත්වීම ලබයි - Colombocall

Hot News

ටට්යානාගේ තාත්තා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස පත්වීම ලබයි






නවසීලන්තය සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිළේ තාවකාලික පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ලී ජයරත්න පත් කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වූ ජෙරම් ලී ජයරත්න පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළා.

ඉන්පසුව පුහුණුකරණය ආරම්භ කළ ජෙරම් ලී ජයරත්න මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින ඉහළතම සුදුසුකම් සැපිරූ පුහුණුකරුවෙක් මෙන්ම අයි.සී.සී සිවුවෙනි මට්ටම (ළෙවෙල් 4 ඣුඅලිෆීඩ්) සමත් වූ පුහුණුකරුවෙක් වීම විශේෂත්වයකි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ පසුගිය දින අතගත් ඔහුගේ දීර්ඝ කාලීන පෙම්වතිය වූ ටටියානා ලී ජයරත්න, ජෙරම් ලී ජයරත්න මහතාගේ එකම දියණියයි.