එස්.බීගේ පැමිණිල්ල සැලකිල්ලට ගෙන රිෂාඩ්ගේ නිවස පරීක්ෂාකරයි ! | Colombocall එස්.බීගේ පැමිණිල්ල සැලකිල්ලට ගෙන රිෂාඩ්ගේ නිවස පරීක්ෂාකරයි ! - Colombocall

Hot News

එස්.බීගේ පැමිණිල්ල සැලකිල්ලට ගෙන රිෂාඩ්ගේ නිවස පරීක්ෂාකරයි !





අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට අයත් පුත්තලමේ පිහිටි නිවසක් ඊයේ (19) පොලීසිය විසින් සෝදිසි කර තිබෙනවා.

කෙසේ වෙතත් එහි තිබී ආයුධ හෝ වෙනත් සැකකටයුතු කිසිවක් හමු නොවූ බවයි පොලීසිය පවසන්නේ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව, එම ප්‍රහාරය හා අන්තවාදී මුස්ලිම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇති පැමිණිලි භාර ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ පිහට වූ විශේෂ ඒකකය වෙත ලැබුණු පැමිණිල්ලක් මත මෙම සෝදිසි කිරීම සිදුකර තිබෙනවා.

රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක විසින්.

ඒ අනුව පුත්තල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් මෙම සෝදිසි කිරීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහයෝගය ඇතිවයි.