සාෆිව බේරලා බදියුර්දීන්ව තියාගන්න යූඇන්පී - ජේවීපී ඒකාබද්ධ මෙහෙයුමක් | Colombocall සාෆිව බේරලා බදියුර්දීන්ව තියාගන්න යූඇන්පී - ජේවීපී ඒකාබද්ධ මෙහෙයුමක් - Colombocall

Hot News

සාෆිව බේරලා බදියුර්දීන්ව තියාගන්න යූඇන්පී - ජේවීපී ඒකාබද්ධ මෙහෙයුමක්



ආන්දෝලනාත්මක වඳ සැත්කම් සිදුවිමට සම්බන්ධ වෛද්‍ය සාෆි සහබ්දීන්  අත් අඩංගුවට ගැනීම සදහා ක්‍රියාකල වයඹ පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්ථාන මාරුවක් ලබාදීම සදහා සූදානමක් ඇතැයි වාර්තා වේ.

මෙම ස්ථාන මාරුව ලබාදීම සිදුකරනුයේ අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන්ගේ සහාය ආණ්ඩුව තුල තබාගනිමින් ඔහුගේ සිත පහන් කිරීමට බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර වෛද්‍ය සාෆි සහබ්දීන් ස්වර්ණවාහිනි නාලිකාවට කැඳවා ඔහුගෙන්  ප්‍රශ්න කර ජනතාවගේ සානුකම්පිත විශ්වාසයක් හිමිකරදීම සදහා ප්‍රචාරණ වැඩසටහනක් සිදුකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 60ක මුදලක් ජනතා විමුක්ති පෙරමුණේ පා.ම නලින්ද ජයතිස්ස හරහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පෙළේ නායකයෙකු විසින් ස්වර්ණවාහිනි නාලිකාව වෙත ලබාදී ඇතැයිද වාර්තා වනවා