සජිත් , මංගල වසර 25 ක එජාප නායකයාගේ ඉල්ලීම නොසලකාහරී ! | Colombocall සජිත් , මංගල වසර 25 ක එජාප නායකයාගේ ඉල්ලීම නොසලකාහරී ! - Colombocall

Hot News

සජිත් , මංගල වසර 25 ක එජාප නායකයාගේ ඉල්ලීම නොසලකාහරී !







අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්  (23) අරලියගහ මන්දිරයේදී  ලබාදුන් භෝජන සංග්‍රහය සඳහා ඊයේ මාතර පැවති ‘‘සජිත් එනවා‘‘ රැළියට සහභාගි වූ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව තිබෙනවා. ඒ අනුව හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, අජිත් පී පෙරේරා, නලින් බණ්ඩාර යන කැබිනට් නොවන හා රාජ්‍ය අමාත්‍යවරුන් එම සාදයට සහභාගී වූ බවයි රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම  සඳහන් කළේ.

කෙසේ වෙතත් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහ අමාත්‍ය මංගල සමරවීර එම අවස්ථාවට සහභාගී වී නොමැති අතර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ එම සාදයේදී දේශපාලනමය කාරණා කිසිවක් සාකච්ඡා නොවූ බවයි.

එම සාදය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළා.

''අපේ රජයේ සුවිශේෂී දිනයක් වෙනුවෙන් තමයි ඒ භෝජන සංග්‍රහය පැවැත්වුවේ. ඒක රජයේ වියදමින් නෙමෙයි පෞද්ගලික වියදමින් පැවැත්වුවේ. ඒකෙදි කිසිම භේදයක් නැතිව මන්ත්‍රීවරු ඒ සඳහා සහභාගී වුනා. මෙතෙන්දි කිසිම සාකච්ඡාවක් තිබුනෙ නැහැ. එකිනෙකා අතර සුහද කතාබහක් වුනා මිසක් දේශපාලනය ගැන කතා කළේ නෑ.

ඇත්තටම මේක සුහදශීලි හමුවක් වුනා මිසක් දේශපාලන හමුවක් වුනේ නෑ. මම වුනත් මගේ බිරිඳ, දරුවො දෙදෙනා, ඒ සියළු දෙනාම සහභාගී වුනා. ඒ වගේම තවත් මන්ත්‍රීවරු තමන්ගෙ පවුල්වල කට්ටියත් ඇවිල්ලා හිටියා''