වයස 19 ක තරුණියක් සහ පිරිමි ළමයක් කපාකොටා ඝාතනය කරලා ! | Colombocall වයස 19 ක තරුණියක් සහ පිරිමි ළමයක් කපාකොටා ඝාතනය කරලා ! - Colombocall

Hot News

වයස 19 ක තරුණියක් සහ පිරිමි ළමයක් කපාකොටා ඝාතනය කරලා !





වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ තරුණියක් සහ පිරිමි ළමයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව වාර්තා වෙනවා.

සිදුවීම පිළිබඳ අදහස් දක්වන අප වාර්තාකරු සඳහන් කරන්නේ මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 19ක තරුණියක් සහ වයස අවුරුදු 08ක පිරිමි ළමයෙකු බවයි. මෙම ඝාතනයන්ට හේතුවේ ඉඩම් ආරවුලක් බව වාර්තා වේ.

සැකකරු තියුණු ආයුධයක් රැගෙන සිය පියා ඉදිරියට පැමිණෙන අවස්ථාවේදී ඔහුට හානියක් සිදුවේ යැයි බියෙන් මෙම දරුවන් දෙදෙනා ඔහු ඉදිරියට ගොස් ඇති අතර එම අවස්ථාවේදී ඔහු තරුණියට සහ දරුවාට තියුණු ආයුධයෙන් පහරදී ඇති බව සඳහන්.

ඝාතනය සිදුකළ බව කියන 28 හැවිරිදි පුද්ගලයා පසුව වෙන්නප්පුව පොලිසියට පැමිණ භාරවී ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.