දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරමින් අමාත්‍යමණ්ඩලය ගත් තීරණ සියල්ල මෙන්න ! (PHOTOS) | Colombocall දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරමින් අමාත්‍යමණ්ඩලය ගත් තීරණ සියල්ල මෙන්න ! (PHOTOS) - Colombocall

Hot News

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරමින් අමාත්‍යමණ්ඩලය ගත් තීරණ සියල්ල මෙන්න ! (PHOTOS)





එච්.අයි.වී (H.I.V)ආසාධිතයන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන්ට එම රෝගය වැළඳී තිබේදැයි පරීක්ෂා කිරීමට ඒ සඳහා පහසුකම් පවතින සත්කාර මධ්‍යස්ථානයක අවම වශයෙන් දින දෙකක්වත් රැඳී සිටිය යුතු වෙනවා.

 ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව තුරන් කිරීම සඳහා වූ ගෝලීය අරමුදලේ දේශීය සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ සාමාජික ආයතනයක් වන පොසිටිව් විමෙන්ට්ස් නෙට්වර්ක් නැමති රාජ්‍ය නොවන සංවිධානය විසින් ඉහත කී සේවාව වසර 10ක පමණ කාලයක සිට සපයනු ලබනවා.

දැනට එම ආයතනය විසින් අදාළ සේවාව කුලී පදනම මත ලබාගත් නිවසක සිදු කරන අතර, මෙම සේවාව ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා එම ආයතනය විසින් ඉඩම් කැබැල්ලක් ලබා දෙන ලෙස ඉල්ලීම් කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව මුල්ලේරියාව මූලික රෝහලේ පරිශ්‍රයෙන් පර්චස් 10ක බිම් කැබැල්ලක් මෙම ආයතනය වෙත ලබා දීම පිණිස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

මේ අතර අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම ඇතුළු ඊයේ (04) රැස් වූ කැබිනට් මණ්ඩලය ගත් තීරණ සියල්ල පහතින් දැක්වෙයි.