උපවාසය අවසන් ! රතන හිමි රෝහල් ගත කරයි (EXCLUSIVE) | Colombocall උපවාසය අවසන් ! රතන හිමි රෝහල් ගත කරයි (EXCLUSIVE) - Colombocall

Hot News

උපවාසය අවසන් ! රතන හිමි රෝහල් ගත කරයි (EXCLUSIVE)




පූජ්‍ය අතුරලියේ රතන හිමි දියත්කර තිබූ උපවාසය මීට සුළු මොහොතකට පෙර අවසන් කර තිබෙනවා. දින දෙකක් පුරා පැවති උපවාසයේ මූලික අරමුණ වූයේ ආණ්ඩුකාර හිස්බුල්ලා සහ අසාද් සාලි මෙන්ම රිෂාඩ් එම තනතුරුවලින් ඉවත් කිරීමයි.

කෙසේ නමුත් රතන හිමිගේ සෞක්‍යතත්වය පිළිබඳ වූ ගැටළුවක් නිසා රෝහල් ගත කිරීමට කටයුතු කරන බවත් වාර්තා වෙනවා.

මේ වන විට දළදාමාලිගා පරිශ්‍රය ජනතාවගෙන් පිරී පවතින අතර නන් දෙසින් පැමිණි ජනයා එහි සිටිනවා.

අසාද් සාලි සහ හිස්බුල්ලා තම තනතුරුවලින් ඉවත් වී ඇති අතර රිෂාඩ් පමණක් තවමත් අමාත්‍යධූරයේ කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ.

කෙසේ නමුත් ආරංචිමාර්ග වැඩිදුරටත් දක්වා සිටින්නේ රිෂාඩ් අමාත්‍යවරයා අද සවස්වන විට අමාත්‍යධූරයෙන් ඉවත් වනු ඇති බවයි

මෙසේ රතන හිමි උපවාසය අතහැර ඇත්තේ ආණ්ඩුකාවරයා ගෙන ආ ලිපියක් හේතුවෙන් බවයි වාර්තා වෙන්නේ