ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබා ගත් හැටි මෙන්න ! | Colombocall ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබා ගත් හැටි මෙන්න ! - Colombocall

Hot News

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබා ගත් හැටි මෙන්න !





සිය පළමු තරගයෙන්ම විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (05) සමත්වුණා.

ඒ, දකුණු අප්‍රිකාව කඩුළු 06කින් පරාජය කරමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාවට කඩුළු 09ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 227ක් පමණයි. එම ඉලක්කය 48වන පන්දුවාරයේදී කඩුළු 04ක් පමණක් දැවි තිබියදී සපුරා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවුණා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ශර්මා එහිදී නොදැවී ලකුණු 122ක් රැස් කළා.

මේ අතර ඊයේ පැවැති තවත් තරගයකින් බංග්ලාදේශය කඩුළු 02කින් පරාජය කිරීමට නවසීලන්තය සමත්වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට සියලූ දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 244ක් පමණයි.

48වන පන්දුවාරයේදී එම ඉලක්කට කඩුළු 08ක් දැවී තිිබියදී සපුරාගැනීමට නවසීලන්තය සමත්වුණා. මේ අතර ඕස්ට්‍රේලියාව  සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය අද (06) පැවැත්වෙනවා.