අතහැර දැමූ තරඟය නිසා ලංකාව ප්‍රසාද ලකුණ සමඟින් සටහනේ තුන්වන තැනට | Colombocall අතහැර දැමූ තරඟය නිසා ලංකාව ප්‍රසාද ලකුණ සමඟින් සටහනේ තුන්වන තැනට - Colombocall

Hot News

අතහැර දැමූ තරඟය නිසා ලංකාව ප්‍රසාද ලකුණ සමඟින් සටහනේ තුන්වන තැනට








ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී  ලංකාව සහ පාකිස්තානය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

තරගය පැවැත්වීමට නියමිතව තිබූ බ්‍රිස්ටල් ක්‍රීඩාංගණය සහ ඒ අවට ප්‍රදේශයට ඊයේ උදෑසන සිට වැසි පතිත වුණා. පිටියේ පවතින තෙත බරිත තත්ත්වය හේතුවෙන් තරගය අතහැර දැමීමටයි විනිසුරුවන් තීරණය කළේ.

ඒ අනුව දෙපිළටම මෙහිදී එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වුණා. එම ප්‍රසාද ලකුණත් සමග ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 3 ක් ලබා එම සටහනේ පසුවන්නේ 3 වන ස්ථානයේයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී  ලංකාව සහභාගි වන මීළග තරගය ලබන 11 වනදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙනු ඇති.