මුස්ලිම් නියෝජිතයින් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි. රිෂාඩ් පමණක් තවමත් අමාත්‍යධූරයේ ! | Colombocall මුස්ලිම් නියෝජිතයින් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි. රිෂාඩ් පමණක් තවමත් අමාත්‍යධූරයේ ! - Colombocall

Hot News

මුස්ලිම් නියෝජිතයින් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි. රිෂාඩ් පමණක් තවමත් අමාත්‍යධූරයේ !



අසාද් සාලි සහ හිස්බුල්ලා ඉල්ලා ඉස්වීම මීට සුළු මොහොතකට පෙර තහවුරු වුණා. නමුත් රිෂාඩ් බදියුදීන් මේ වනතුරු ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර නෑ.

රතන හිමියන් තවදුරටත් සත්‍යග්‍රහයේ නියලෙමින් සිටිනවා. අද උදෑසන කාදිනල් හිමි , මාවරලියේ භද්දිය හිමි, චම්පික රණවක ඇතුළු බොහෝ පිරිසක් ස්වාමීන් වහන්සේට ආශිර්වාද කිරීමට  පැමිණ සිටියා.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල කඩ සාප්පු වසා දමමින් අතුරලියේ රතන හිමිවෙත සහය දැක්වීම සඳහා ජනතාව ක්‍රියා කර තිබෙනවා.

රතන හිමිගේ ඉල්ලීම්වලට රජය ඇහුම්කන් නොදී කටයුතු කළහොත් අද මධ්‍යම රාත්‍රී 12.00 සිට දුම්‍රිය වර්ජනයක් ක්‍රියාත්මක වීමටද නියමිතයි.

මේ වන විට දිවයිනේ බොහොමයක් ප්‍රදේශවල පෞද්ගලික බස් රථ සේවකයන් සේවයෙන් ඉවත්ව සිටින බවත් වාර්තා වෙනවා