පෙරහැර තහනම් වෙයි ! අධිකරණය තින්දු කරයි | Colombocall පෙරහැර තහනම් වෙයි ! අධිකරණය තින්දු කරයි - Colombocall

Hot News

පෙරහැර තහනම් වෙයි ! අධිකරණය තින්දු කරයි







පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් ඇතුළු පිරිසක් විසින් සංවිධානය කර ඇති පෙරහැරකට හා රැස්වීමකට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මෙම රැස්වීම හා පෙරහර නීති විරෝධී ලෙස සංවිධානය කර ඇති බවත් ඒ හේතුවෙන් දෙහිවල පොලිස් වසම තුළ මහජන සාමයට හා මහජනතාව අතර නොසන්සුන්තාවක් මෙන්ම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන් කරමින් පොලීසිය අධිකරණයට කළ කරුණු වාර්තා කිරීමක් අනුව මෙම නියෝගය නිකුත් කර ඇතැයි වාර්තා වනවා.
එම නියෝගය අනුව රැස්වීම හා පෙරහර සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇති.