මංගල සමරවීර කාදිනල්ගෙන් සමාව ගත යුතුයි ! | Colombocall මංගල සමරවීර කාදිනල්ගෙන් සමාව ගත යුතුයි ! - Colombocall

Hot News

මංගල සමරවීර කාදිනල්ගෙන් සමාව ගත යුතුයි !




පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට සන්සුන් කිරීමට පුරෝගාමී වූ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාණන්ට මඩ ප්‍රහාර දියත් කිරීමට ක්‍රියාකළ මංගල සමරවීර ඇමැතිවරයා වහාම කාදිනල්තුමාගෙන් සමාව ගත යුතුව ඇතැයිවිපක්‍ෂ නායක, මහින්ද රාජපක්‍ෂ පවසනවා.

මහනුවර දළදා මාලිගාව අභියසදී මාරාන්තික උපවාසයක යෙදුණු අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් බැලීමට ගිය කාදිනල්තුමාට මඩ ප්‍රහාර එල්ල කර ඇත්තේ රටේ බහුතර ජනතාව උන්වහන්සේ ගත් ක්‍රියාමාර්ග ප්‍රකාශයන් අගය කිරීම නිසා ආණ්ඩුවේ තත්ත්වය කාට කාටත් පැහැදිලි වීම හේතුවෙන් බවයි විපක්ෂනායකවරයා සඳහන් කරන්නේ.

ආගමික නායකයන් මේ ආකාරයට හෑල්ලූ කිරීම තුළින් ආණ්ඩුව තව තවත් පරිහානියට පත්වන බව ද ඔහු පවසනවා.

මෙම තත්ත්වය මත මංගල ඇමැතිවරයාගේ මෙම ක්‍රියාකලාපය මුළුමහත් ජනතාවම හෙළා දකින අතර මංගල ඇමැතිවරයා කාදිනල්තුමාගෙන් සමාව ගත යුතු බවයි විපක්ෂනායකවරයා සඳහන් කරන්නේ.