සහන පැකේජයක් ගැන සාකච්ඡාවක් ! මහින්ද රනිල් හමුවෙයි | Colombocall සහන පැකේජයක් ගැන සාකච්ඡාවක් ! මහින්ද රනිල් හමුවෙයි - Colombocall

Hot News

සහන පැකේජයක් ගැන සාකච්ඡාවක් ! මහින්ද රනිල් හමුවෙයි





අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරනු ඇති බවයි.

ජනතාවට සහන පැකේජයක් ලබා දීමට ඇති හැකියාව පිළිබඳ එහිදී ප්‍රමුඛ අවධානයක් යොමු වන බව ඔහු ප්‍රකාශ කළා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ පාර්ශ්වයන්ට සහන ලබා දෙන බවට ආණ්ඩුව ප්‍රකාශ කළ ද මේ වනතෙක් කිසිඳු සහනයක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළා.