රතන හිමි ආහාර නොගැනීම නිසා රෝගී වෙයි ! | Colombocall රතන හිමි ආහාර නොගැනීම නිසා රෝගී වෙයි ! - Colombocall

Hot News

රතන හිමි ආහාර නොගැනීම නිසා රෝගී වෙයි !






අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි, එම්. ඒ. එල්. එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාට බලකරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

ඊයේ පෙරවරුවේ එම උපවාසය ආරම්භ කළ උන්වහන්සේ මේ දක්වා ආහාර නොගෙන සිටීම හේතුවෙන් උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් පිරිහෙමින් පවතින බවයි  වාර්තාකරු පැවසුවේ.

මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහාය පළ කරමින් ඒකාබද්ධ විපක්‍ෂය හා එක්ව සිටින ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් වියලේන්ද්‍රන්ද අද උපවාසයක් ආරම්භ කළා. ඒ, මඩකලපුව ගාන්ධි උද්‍යානයේදීයි.