විජයදාස රාජපක්ෂට මිලියන 500 ක් ගෙවන්න අභියාචනාධිකරණය තහවුරු කරයි ! | Colombocall විජයදාස රාජපක්ෂට මිලියන 500 ක් ගෙවන්න අභියාචනාධිකරණය තහවුරු කරයි ! - Colombocall

Hot News

විජයදාස රාජපක්ෂට මිලියන 500 ක් ගෙවන්න අභියාචනාධිකරණය තහවුරු කරයි !






විජයදාස රාජපක්ෂට ඉතිහාසයේ විශාලම අපහාස වන්දි ප්‍රමාණය වන රුපියල් මිලියන 500ක මුදල ගෙවන ලෙස නියෝගය සිවිල් අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබෙනවා.
ආචාර්ය විජයදාස රාජපක්ෂ ලේක්හවුස් සමාගමට විරුද්ධව අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු ගොනු කරන්නේ වසර 2010 කොළඹ දිසා අධිකරණයේදියි.
ඒ ලේක්හවුස් පුවත්පත් සමගම විසින් “Wijeyadasa left in lurch, with his dreams of becoming the Chief Justice” මැයෙන් පල කරන ලද ලිපියක් සම්බන්ධවයි.
මෙම නඩුවේ මුලික විභාගය කොළඹ දිස්ත්‍රික් උසාවියේ අංක 03 අධිකරණයේ විභාග වූ අතර එම නඩුවට සාක්කිකරුවන් ලෙස වත්මන් කථානායක කරු ජයසුරිය, අපවත් වූ වදාල කෝට්ටේ නාග විහාරාධිපති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සහ ඉන්දියානු මහාබෝධි සංගමයේ සභාපති පුජ්‍ය බානගල උපතිස්ස හිමි යන අය ඉදිරිපත් වී සිටියා.
මූලික නඩු විභාගය ඒක පාර්ශ්චික ලෙස අවසන් වූ අතර එය ලේක්හවුස් පුවත්පත් සමගම විසින් අභියෝගයට ලක්කර බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණයට යොමු කරන ලද්දේ 2013 වසරේදීයි.
එම අභියාචනය ඊයේ (30) අසා නිම කල අතර, ගරු සිවිල් අභියාචනාධිකරණය තීන්දු කරන ලද්දේ කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ නඩු තීන්දුව තහවුරු කිරීමටයි.
එම තීන්දු අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ අපහාස නඩුවකදී, අධිකරණයක් විසින් ගෙවීමට නියම කරන ලද වැඩිම
වන්දි මුදල මෙය ලෙසයි වාර්තා වන්නේ.
ආචාර්ය විජයදාස රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ ජනාධිපති නීතිඥ රොමේෂ් ඩි සිල්වා සමග නීතිඥ සුගත් කල්දේරා වන අතර එම නඩුවට උපදෙස් සැපයුවේ නීතිඥ ජි.ජි. අරුල්ප්‍රගාසම් ය.
නීතිඥ සංජය කොඩිතුවක්කු සහ නීතිඥ එස්. සේරසිංහ මිය, ලේක් හවුස් පුවත්පත් සමාගම වෙනුවෙන් පෙනී සිටිනු ලැබුවා.