පළමුවරට මඩකලපුවේ හැදුන ශරියා විශ්වවිද්‍යාලයේ ඇතුළත වීඩියෝවක් ලීක් වෙයි ! (VIDEO) | Colombocall පළමුවරට මඩකලපුවේ හැදුන ශරියා විශ්වවිද්‍යාලයේ ඇතුළත වීඩියෝවක් ලීක් වෙයි ! (VIDEO) - Colombocall

Hot News

පළමුවරට මඩකලපුවේ හැදුන ශරියා විශ්වවිද්‍යාලයේ ඇතුළත වීඩියෝවක් ලීක් වෙයි ! (VIDEO)





මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මඩකලපුව පූනානි හි පිහිටි
ශරියා විශ්ව විද්‍යාලයයේ ඇතුලත විඩියෝවක් සමාජ මාධ්‍ය තුළට එකතු කර තිබෙනවා.

වෘත්තීය පුහුණ සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය සහ M.I.A.M හිස්බුල්ලාගේ සභාපතීත්වයෙන් යුතු හීරා පදනම සමඟ මෙම විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් සඳහා වන ගිවිසුම අත්සන් කර තිබුණේ ඉකුත් 2013 වසරේදීයි.

ඉන් අනතුරුව මේ දක්වා සෞදියේ ජිඩාහි පදිංචි අලී අබ්බුද්ලා අලී නමැති පුද්ගලයෙකු විසින් මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 3600 ක මුදලක් වියදම් කර තිබෙනවා.

ඉස්ලාම් පල්ලියක ආකාරයට මෙම විශ්ව විද්‍යාලයේ පිවිසුම නිර්මාණය ඇති අතර සෞදියෙන් ගෙන්වන ලද රට ඉඳි ගස් විශාල ප්‍රමාණයක් විශ්ව විද්‍යාල පරිශය තුල සිටුවා ඇති ආකාරයද දැකගැනීමට හැකියාව තිබෙනවා.

තවද විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලේ දොර තඹ ලෝහයෙන් නිෂ්පාදනය කර ඇති අතර විශ්ව විද්‍යාලයට අයත් තොරතුරු තාක්ෂණ පීඨයේද වැඩකටයුතු මේ වන විටත් සම්පූර්ණයෙන්ම පාහේ අවසන් කර තිබෙනවා.

එකවර සිසුන් 60 දෙනෙකුට අධ්‍යාපනය ලැබිය හැකි පරිගණක විද්‍යාගාර 05 ක් මෙහි අන්තර්ගත වන අතර තොරතුරු තාක්ෂණ පීඨයට අයත් දේශන ශාලා 07 ක වැඩකටයුතු මේ වන විට නිමාකර තිබෙනවා. එසේම එම එක් දේශන ශාලාවක එකවර සිසුන් 60 කට අසුන් ගැනීමේ හැකියාව පවතිනවා.

මීට අමතරව විශ්ව විද්‍යාලය සතුව ප්‍රධාන ශ්‍රවණාගාර දෙකක් ඇති අතර ඉන් එක ශ්‍රවණාගාරයක එකවර සිසුන් 300කට අසුන් ගත හැකි අතර අනෙක් දේශන ශාලාවේ එකවර සිසුන් 650ට අසුන් ගැනීමේ හැකියාව පවතිනවා.

තවද මහල් 03 කින් සමන්විත ප්‍රධාන පුස්තකාල ගොඩනැගිගිල්ලක්ද මෙහි ඉදිකර ඇති අතර විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ට පවුලේ උදවිය සමඟ එකට ජීවත් විය හැකි විශාල නේවාසිකාගාරයක්ද මෙහි ඉදිකර  තිබීම විශේෂත්වයක්.

එම වීඩියෝව පහළින්