හිස්බුල්ලා ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කරන්න යැයි පවසමින් ත්‍රිකුණාමලය ඇවිලෙයි (PHOTOS) | Colombocall හිස්බුල්ලා ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කරන්න යැයි පවසමින් ත්‍රිකුණාමලය ඇවිලෙයි (PHOTOS) - Colombocall

Hot News

හිස්බුල්ලා ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කරන්න යැයි පවසමින් ත්‍රිකුණාමලය ඇවිලෙයි (PHOTOS)




එම් එල් ඒ එම් හිස්බුල්ලා නැගෙනහිර ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා ත්‍රිකුණාමලය නගරයේ සහ ඒ අවට උප නගර කිහිපයක අද හර්තාල් ව්‍යාපාරයක් සිදු කෙරෙනවා.

එහි රාජ්‍ය ආයතන සහ බැංකුවලද අද (10) සේවකයන් පැමිණ සිටියේ අඩු පිරිසක් බවයි  වාර්තාකරු පවසන්නේ.

ත්‍රිකුණාමලය, කන්තලේ, සේරුනුවර හා තඹලගම යන නගරවල කඩ සාප්පු බොහෝමයක් වසා දාමා තිබෙනවා. මේ නිසා දෛනික ජන ජීවිතයටද බලපෑම් සිදුව  තිබෙන බවයි  වාර්තාකරු පවසන්නේ.

එම් එල් ඒ එම් හිස්බුල්ලා ජාතිවාදයට හා ත්‍රස්තවාදයට සහය දක්වන බවට හර්තාලයට එක්ව සිටින්නන් චෝදනා කරනවා.