ISIS ත්‍රස්ථයින් නව දෙනෙකු සොයා ඝාතනය කරයි | Colombocall ISIS ත්‍රස්ථයින් නව දෙනෙකු සොයා ඝාතනය කරයි - Colombocall

Hot News

ISIS ත්‍රස්ථයින් නව දෙනෙකු සොයා ඝාතනය කරයි





නිරිතදිග ක්වෙටාහිදී අයිසීස් ත්‍රස්තවාදීන් නවදෙනෙකු පකිස්ථාන ආරක්ෂක අංශ විසින් ඝාතනය කර ඇත.

බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරු අනුව මෙම මෙහෙයුම සිදු කර ඇත.ඒ අනුව මෙම මෙහෙයුම සඳහා පැය කිහිපයක් ගතවූ බවත් ගැටුම් වලින් ආරක්ෂක භටයින් හතරදෙනකුට ද තුවාල සිදුවී ඇති බවත් පකිස්ථාන ආරක්ෂක අංශ පවසයි.

එලෙසම මිට දින දෙකකට පෙර ක්වෙටාහිදී අයිසීස් ත්‍රස්තයන් විසින් පකිස්ථාන පොලිස් නිලධාරීන් පස් දෙනකු ඝාතනය කරනු ලැබීය.